විනිසුරුවෝ 2:1-6

විනිසුරුවෝ 2:1-6 SCV

ස්වාමින්වහන්සේගේ දූතයා, ගිල්ගාල් සිට බෝකීම් වෙත අවුත්, කතා කොට, “මම ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙනවුත්, නුඹලාගේ පියවරුන්ට දෙන්නට මා දිවුළ දේශයට නුඹලා පැමිණ වීමි. එහිදී මා කතා කොට, ‘නුඹලා සමඟ ඇති මගේ ගිවිසුම මා කිසි දින කඩ කරන්නේ නැත. නුඹලාත්, මේ දේශ වාසීන් සමඟ කිසිදු ගිවිසුමක් නො කළ යුතු ය. ඔවුන්ගේ පුදසුන් කඩා බිඳ දැමිය යුතු යැ’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත. මොකක් ද මේ නුඹලා කළේ? එබැවින් දැන් මා නුඹලාට කියන්නේ ‘නුඹලා ඉදිරිපිටින් මා ඔවුන් පලවා හරින්නේ නැති වගයි. ඔවුන් නුඹලාගේ ඇලයට කටුවක් වනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන් ද නුඹලාට මලපතක් වනු ඇතැ’ යි” කීවේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා සියලු ඉශ්‍රායෙල්වරුනට මෙවදන් පැවසූ කල, ජනයා උස් හඬ නගා, වැලපෙන්නට වන්හ. ඔවුහු ඒ ස්ථානයට බෝකීම් යන නම තැබූහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේට යාග පූජා පිදූහ. යෝෂුවා, ජනයා යන්නට හැරිය කල, සියලු ඉශ්‍රායෙල්වරු දේශය උරුම කර ගනු පිණිස තම තමන්ගේ උරුම පෙදෙස් කරා ගියහ.

මෙයට අදාළ වීඩියෝ

විනිසුරුවෝ 2:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය