යාකොබ් 3:2-6
යාකොබ් 3:2-6 SCV
මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුර ම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි. අශ්වයින් අපට අවනත කර ගැනීමට උන්ට කටකලියා දැමූ කල, මුළුමනින් උන් පාලනය කිරීමට අපට හැකි වෙයි. නැව් දිහා බලන්න; ඒවා කෙතරම් විශාල වුවත්, සැඩ සුළඟකින් ගසා ගෙන යතත්, කුඩා සුක්කානමක් මගින් නැව්පතියා රිසි ඕනෑ ම දිසාවකට හරවා පැදවිය හැකි ය. එසේ ම දිව කුඩා අවයවයකි. එහෙත් එය මහා පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොතරම් මහා වනයක් ගිනි අවුළා ද? දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේ ම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයට ම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන් ම ය.

