යෙසායා 8
8
ලකුණක් පිණිස වූ යෙසායා සහ දරුවන්
1 ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “විශාල ලේඛන පුවරුවක් ගෙන, මහේර්-ෂාලාල්-හාෂ්-බස්#8:1 මහේර්-ෂාලාල්-හාෂ්-බස් එනම් කොල්ලයට ඉක්මනින්, පැහැර ගැනීමට වේගයෙන් යනුවෙන් පොදු අකුරින් එහි ලියන්න. 2මා උදෙසා සාක්ෂි දීමට විශ්වාසී සාක්ෂිකරුවන් වශයෙන් පූජක ඌරියා ද යෙබෙරෙකියාගේ පුත් සෙකරියා ද මම කැඳවන්නෙමි” යි පැවසූ සේක. 3එවිට මම, දිවැසිවරිය වෙත එළැඹුණෙමි. ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. එවිට මා ඇමතූ ස්වාමින්වහන්සේ, “ඔහුට මහේර්-ෂාලාල්-හාෂ්-බස් කියා නම් තබන්න. 4දරුවා ‘මගේ තාත්තේ’ හෝ ‘මගේ අම්මේ’ යි කියන්නේ කෙසේදැයි දැනගන්නට පළමුවෙන්, දමස්කයේ වස්තුවත්, සමාරියේ කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙන යනු ලබනු ඇතැ” යි පැවසූ සේක.
5 ස්වාමින්වහන්සේ යළිත් මා ඇමතූ සේක්,
6“මේ ජනයා, ශාන්ත ව ගලා බස්නා ෂිලොවා#8:6 ෂිලොවා එනම් මෙය සිලෝවම් විය හැක. ජල දහර
ප්‍රතික්ෂේප කොට,
රෙසීන් ද රෙමලියාගේ පුත්‍රයා ද ගැන
සොම්නස් වෙයි;
7එබැවින් මෙන්න! ස්වාමින්වහන්සේ ඔවුනට එරෙහිව
ගංගාවේ#8:7 ගංගාවේ එනම් එප්‍රාත් ද නැත්නම් යුප්‍රටීස් ද බලවත් ගං වතුර මෙන් අසිරියාවේ රජු,
ඔහුගේ මුළු තේජසින් යුතු ව, ගෙනෙන සේක.
එය එහි සියලු ඇළ මාර්ග පිටාර ගලනු ඇත;
එය එහි සියලු ඉවුරුවලට ඉහළින් නැගී යනු ඇත.
8එය යූදා දේශයට වැද, දේශය පිස,
එය යට කර ගලා, ගෙල දක්වා ම නැග එනු ඇත,
එහි විහිදුණු පියාපත්, මුළු දේශය මුළුල්ල ම වසා ගනු ඇත.
අහෝ එම්මානුවෙල්#8:8 එම්මානුවෙල් එනම් එහෙත් දෙවියන්වහන්සේ අප සමඟ ය; උන්වහන්සේගේ විහිදුණු පියාපත්, මුළු දේශය මුළුල්ල ම වසා ගනු ඇත.!”
9එම්බා ජාතීනී, ඔබේ නරක ම දේ කරනු. එහෙත් කුඩු-පට්ටම් වනු.
සවන් දෙනු, දුරස්ථ සියලු දේශයෙනි!
ඔබේ ආයුධ ඉඟ බැඳ ගනු. එහෙත් කුඩු-පට්ටම් වනු.

10එකමුතු වී සාකච්ඡා කරනු. එහෙත් එයින් වැඩක් නො වේ.
වචනයක් පවසනු. එහෙත් එය සඵල නො වේ.
මන්ද දෙවියන්වහන්සේ අප සමඟ ය#8:10 දෙවියන්වහන්සේ අප සමඟ ය එනම් එම්මානුවෙල්.
11 ස්වාමින්වහන්සේ, ස්වකීය බලවත් හස්තය මා පිට තබා, මා අමතමින්, මේ ජනයාගේ මාර්ගය අනුව නො යන ලෙස මට අවවාද කරමිනි, මට මෙසේ කී සේක:
12“මෙම ජනයා ‘කුමන්ත්රණයකැ’ යි හඳුන්වන සියල්ලට
කුමන්ත්රණයැයි නො කියන්න.
ඔවුන් භය වන දේට භය නො වන්න.
භීතියට පත් නො වන්න.
13ඔබ පාරිශුද්ධ යයි සැලකිය යුත්තේ සේනාංකවල ස්වාමින්වහන්සේ ය.
ඔබ භය විය යුත්තේ, උන්වහන්සේට ය.
භීතියට පත් විය යුත්තේ ද උන්වහන්සේට ය.
14උන්වහන්සේ ශුද්ධස්ථානයක් වන සේක;
එහෙත් ඉශ්රායෙල් වංශ දෙකට
උන්වහන්සේ මිනිසුන් පැකිළවීමේ ගලක් ද
ඔවුන් වැටෙන්නට සලසන පර්වතයක් ද වනු ඇත.
යෙරුසලම් ජනතාවට
උන්වහන්සේ උගුලක් ද මලපතක් ද වනු ඇත.
15ඔවුන් බොහෝ දෙනකු පැකිළෙනු ඇත.
ඔවුන් වැටී, කැඩී යනු ඇත.
ඔවුන් උගුලට හසු වී, අල්ලා ගනු ලබනු ඇතැ” යි කී සේක.
16මගේ ගෝලයින් අතර සාක්ෂිය බැඳ,
ඉගැන්වීම මුද්‍රා තබන්න;
17යාකොබ් වංශය වෙතින් තම මුහුණ සඟවා ගන්නා
ස්වාමින්වහන්සේ ගැන මම බලා හිඳින්නෙමි.
උන්වහන්සේ තුළ මම බලාපොරොත්තු තබන්නෙමි.
18මෙන්න! මමත්, ස්වාමින්වහන්සේ මට දුන් දරුවොත්! සියොන් කන්දේ වෙසෙන සේනාංකවල ස්වාමින්වහන්සේ වෙතින් අපි ඉශ්රායෙල්හි ලකුණු ද සංකේත ද වන්නෙමු.
අන්ධකාරය ආලෝකයට හැරී
19සිහින් හඬින් කොඳුරන, තොල් මතුරන, ආත්ම බන්ධනකරුවන්ගෙන් සහ පේන කියන්නන්ගෙන් විචාරන්නැයි මිනිසුන් ඔබට කියන කල, ජනතාවක් විමසිය යුත්තේ තමන්ගේ දෙවියන්වහන්සේගෙන් නො වේ ද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරිය යුතු ද? 20ව්‍යවස්ථාව වෙතට! සාක්ෂිය වෙතට! මෙම වචනයට අනුකූලව ඔවුන් කතා නො කරන්නේ නම්, අරුණලු එළිය ඔවුනට නැත. 21දුක්-විපත් හා සාගින්නෙන් යුතු ව ඔවුන් දේශය ඔස්සේ ඉබාගාතෙ යනු ඇත. හාමතින් පීඩිත වූ කල ඔවුන් කෝපාවිෂ්ට ව, ඉහළ බලා, තම රජුටත්, තම දෙවියන්වහන්සේටත් ශාප තබනු ඇත. 22ඉන්පසු පොළොව දෙස බලන ඔවුන් දකිනු ඇත්තේ විපත හා අඳුරත්, බියකරු දුකඳුරත් පමණි. ඝන අන්ධකාරයට ඔවුහු ඇද දමනු ලබති.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 8: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: