යෙසායා 65:17-23

යෙසායා 65:17-23 SCV

“මෙන්න! මම අලුත් අහස් හා අලුත් පොළොවක් මවන්නෙමි. පළමු දේවල් මතක් කරනු ලබන්නේවත්, ඒවා සිහියට නැගෙන්නේවත් නැත. එහෙත් මා විසින් මවනු ලබන දෑ තුළ සදහට ම ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මෙන්න, මම යෙරුසලම ප්‍රමෝදයක් ද එහි ජනයා ප්‍රීතියක් ද කර මවන්නෙමි. මම යෙරුසලම ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මගේ ජනයා තුළෙහි ප්‍රමෝද වන්නෙමි. වැලපීමේ හඬක් හා විපත්තියේ විලාපයක් ඒ තුළ තවත් ඇසෙනු නැත. “ටික දිනකින් අකාලයේ මියැදෙන ළදරුවකු මෙන් ම පරම ආයුෂ නො විඳ මියැදෙන මහල්ලකු යළි එහි නො වනු ඇත. සිය වන වයසේ මියයන්නා ගණන් ගැනෙන්නේ යෞවනයකු කියා ය. සිය වන වියට පා නො තැබූ කෙනකු ගණන් ගැනෙන්නේ ශාප ලද්දකු කියා ය. ඔවුන් ගෙවල් තනා, ඒවායේ වාසය කරනු ඇත. ඔවුන් මිදි වතු වවා, එහි පල භුක්ති විඳිනු ඇත. අනුන්ගේ පදිංචියට ඔවුන් ගෙවල් තනන්නේ නැත. අනුන්ගේ පරිභෝජනයට ඔවුන් වගා කරන්නේ නැත. මගේ ජනයාගේ ආයු කාලය, වෘක්ෂයක ආයු කාලය මෙන් වන්නේ ය. මගේ තෝරා ගත්තවුන් තම අත්වල පල දිගු කල් භුක්ති විඳිනු ඇත. ඔවුන් නිරර්ථක ලෙස වෙහෙසවන්නේවත්, දුක්ඛිත ඉරණමකට දරුවන් බිහි කරන්නේවත් නැත. මන්ද ඔවුහු ද ඔවුන් සමඟ ඔවුන්ගේ දරු පරපුර ද ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දෝ වෙති.

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 65:17-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය