යෙසායා 62:1-5

යෙසායා 62:1-5 SCV

ඇගේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඇගේ ගැලවීම, ඇවිළෙන ගිනි හුළක් මෙන් ද බැබළෙන තුරු, සියොන උදෙසා මම නිහඬ ව නො සිටිමි, යෙරුසලම උදෙසා මම නිසල ව නො සිටිමි. ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකම ද සියලු රජවරුන් ඔබේ තේජස ද දකිනු ඇත. ස්වාමින්වහන්සේගේ මුවින් පිරිනැමෙන අලුත් නාමයකින් ඔබ හඳුන්වනු ලබනු ඇත. ස්වාමින්වහන්සේ අතේ, ඔබ ශෝභමාන ඔටුන්නක් ද ඔබේ දෙවියන්වහන්සේ අතේ, රාජකීය කිරුළක් ද වනු ඇත. අසූබා යයි ඔවුන් තවත් ඔබට කියන්නේ නැත. ෂෙමාමා යන පදයෙන්, ඔබේ දේශය හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට ඔබට හෙෆ්සීබා කියා ද ඔබේ දේශය බෙයූලා කියා ද කියනු ලැබේ. මන්ද ස්වාමින්වහන්සේ ඔබ තුළ සොම්නස් වන සේක. ඔබේ දේශය ද විවාහ කර ගනු ලැබේ. තරුණයකු, කන්‍යාවියක ආවාහ කර ගන්නා පරිදි, ඔබේ පුත්‍රයින් ඔබ ආවාහ කර ගනු ඇත. මනාලයකු, තම මනාලිය ගැන ප්‍රීති ප්‍රමෝද වන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වනු ඇත.

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 62:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය