යෙසායා 62:1-5
යෙසායා 62:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇගේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඇගේ ගැලවීම, ඇවිළෙන ගිනි හුළක් මෙන් ද බැබළෙන තුරු, සියොන උදෙසා මම නිහඬ ව නො සිටිමි, යෙරුසලම උදෙසා මම නිසල ව නො සිටිමි. ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකම ද සියලු රජවරුන් ඔබේ තේජස ද දකිනු ඇත. ස්වාමින්වහන්සේගේ මුවින් පිරිනැමෙන අලුත් නාමයකින් ඔබ හඳුන්වනු ලබනු ඇත. ස්වාමින්වහන්සේ අතේ, ඔබ ශෝභමාන ඔටුන්නක් ද ඔබේ දෙවියන්වහන්සේ අතේ, රාජකීය කිරුළක් ද වනු ඇත. අසූබා යයි ඔවුන් තවත් ඔබට කියන්නේ නැත. ෂෙමාමා යන පදයෙන්, ඔබේ දේශය හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට ඔබට හෙෆ්සීබා කියා ද ඔබේ දේශය බෙයූලා කියා ද කියනු ලැබේ. මන්ද ස්වාමින්වහන්සේ ඔබ තුළ සොම්නස් වන සේක. ඔබේ දේශය ද විවාහ කර ගනු ලැබේ. තරුණයකු, කන්‍යාවියක ආවාහ කර ගන්නා පරිදි, ඔබේ පුත්‍රයින් ඔබ ආවාහ කර ගනු ඇත. මනාලයකු, තම මනාලිය ගැන ප්‍රීති ප්‍රමෝද වන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
යෙසායා 62:1-5 Sinhala Revised Old Version (SROV)
මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි. ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත. නුඹ ස්වාමීන්වහන්සේගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද නුඹේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජකිරීටයක්ද වන්නෙහිය. නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශීබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ. මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.
යෙසායා 62:1-5 Sinhala New Revised Version (NRSV)
මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි. එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි. එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය. නුඹ සමිඳුන්ගේ අතෙහි අලංකාර ඔටුන්නක් ද නුඹේ දෙවිඳුන්ගේ අතෙහි රාජ කිරීටයක් ද මෙන් වන්නෙහි ය. නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක. තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.
යෙසායා 62:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 62:1-5 New International Version (NIV)
For Zion’s sake I will not keep silent, for Jerusalem’s sake I will not remain quiet, till her vindication shines out like the dawn, her salvation like a blazing torch. The nations will see your vindication, and all kings your glory; you will be called by a new name that the mouth of the LORD will bestow. You will be a crown of splendor in the LORD’s hand, a royal diadem in the hand of your God. No longer will they call you Deserted, or name your land Desolate. But you will be called Hephzibah, and your land Beulah; for the LORD will take delight in you, and your land will be married. As a young man marries a young woman, so will your Builder marry you; as a bridegroom rejoices over his bride, so will your God rejoice over you.