යෙසායා 61:2-4
යෙසායා 61:2-4 SCV
ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර හා අපේ දෙවියන්වහන්සේගේ පළිගැන්මේ දවස ප්‍රකාශ කරන්නටත්, ශෝක වන සියල්ලන් සැනසීමටත්, සියොනෙහි ශෝක වන්නන්ට අළු වෙනුවට මනරම් හිස-පළඳනාවක් ද ශෝකය වෙනුවට ප්‍රීතියේ තෛලය ද කනස්සලු සිතක් වෙනුවට ප්‍රශංසාවේ ඇඳුමක් ද ප්‍රදානය කරන පිණිසත් ය. උන්වහන්සේ විසින් සිටුවන ලද දමිටුකමේ ඕක් ගස් යැයි ඔවුන් හඳුන්වනු ලබන්නට ස්වාමින්වහන්සේගේ තේජස විදහා දක්වන පිණිසත් ය. ඉපැරණි නටබුන් ඔවුන් ගොඩ නගනු ඇත. නැති නාස්ති වූ තැන් පිළිසකර කරනු ඇත. පරම්පරා ගණනාවක් නැති නාස්තියට හැර තිබූ ගරා වැටුණු නගර, ඔවුන් පිළිසකර කරනු ඇත.


