යෙසායා 61:2-4

යෙසායා 61:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර හා අපේ දෙවියන්වහන්සේගේ පළිගැන්මේ දවස ප්‍රකාශ කරන්නටත්, ශෝක වන සියල්ලන් සැනසීමටත්, සියොනෙහි ශෝක වන්නන්ට අළු වෙනුවට මනරම් හිස-පළඳනාවක් ද ශෝකය වෙනුවට ප්‍රීතියේ තෛලය ද කනස්සලු සිතක් වෙනුවට ප්‍රශංසාවේ ඇඳුමක් ද ප්‍රදානය කරන පිණිසත් ය. උන්වහන්සේ විසින් සිටුවන ලද දමිටුකමේ ඕක් ගස් යැයි ඔවුන් හඳුන්වනු ලබන්නට ස්වාමින්වහන්සේගේ තේජස විදහා දක්වන පිණිසත් ය. ඉපැරණි නටබුන් ඔවුන් ගොඩ නගනු ඇත. නැති නාස්ති වූ තැන් පිළිසකර කරනු ඇත. පරම්පරා ගණනාවක් නැති නාස්තියට හැර තිබූ ගරා වැටුණු නගර, ඔවුන් පිළිසකර කරනු ඇත.

යෙසායා 61:2-4 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද, සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය. ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය.

යෙසායා 61:2-4 Sinhala New Revised Version (NRSV)

සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක. සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය. ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.

යෙසායා 61:2-4 Sinhala New Revised Version 2018 (SNRV)