යෙසායා 6:6-7
යෙසායා 6:6-7 SCV
එවිට සෙරාෆ්වරුන්ගෙන් කෙනෙක්, පූජාසනය වෙතින් අඬුවකින් ගත් ඇවිළෙන ගිනි අඟුරක් අතින් ගෙන, මා වෙත පියාසලා අවුත්, එයින් මගේ මුව ස්පර්ශ කර, “මෙන්න! ඔබේ තොල්වල මෙය ස්පර්ශ විය. ඔබේ අයුතුකම පහ කරන ලදී. ඔබේ පාපය වන්දි නිවාරණ කරනු ලැබිණ” යි පැවසී ය.

