යෙසායා 54
54
සියොනෙහි තේජස
1“දරුවන් නො දැරූ
එම්බා වඳ තැනැත්තිය, ගී හඬ නගන්න.
ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය,
ගී හඬ නගා, ඝෝෂා කරන්න.
මන්ද විවාහක තැනැත්තියට වඩා
තනිකර දමනු ලැබූ තැනැත්තියට දරුවන් බොහෝ වෙතැ” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
2“ඔබේ කූඩාරමේ ගෙබිම, පුළුල් කර ගන්න.
ඔබේ ගෙබිමේ කූඩාරම් තිර, දිග හරින්න.
නවතා නො ගන්න.
ඔබේ ලණු පොට ඉතා දීර්ඝ කොට,
එහි ඉණි ශක්තිමත් ව සිටුවන්න.
3මන්ද ඔබ දකුණු දෙසටත්, වම් පසටත් එතෙරට පැතිර යනු ඇත.
ඔබේ දරු පරපුර ජාතීන් අයිති කර ගෙන,
පාළුවට ගිය නගරවල පදිංචි වනු ඇත.
4“භය නො වන්න, මන්ද ඔබ ලජ්ජාව විඳින්නේ නැත.
නින්දාව ගැන අධෛර්ය නො වන්න, මන්ද ඔබ අවමානයට පත් වන්නේ නැත.
මන්ද ඔබේ යෞවනයේ ලජ්ජාව, ඔබට අමතක වනු ඇත.
ඔබේ වැන්දඹු භාවයේ නින්දාව, ඔබට තවත් සිහි වන්නේ නැත.
5මන්ද ඔබේ සැමියා, ඔබේ මැවුම්කරුවාණන් ය.
සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි.
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ඔබේ මිදුම්කරුවාණන් ය.
උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ, මුළු පොළොවෙහි දෙවියන්වහන්සේ යනුවෙනි.
6අත්හැර දමනු ලැබ සිටි, ආත්මයේ සෝ තැවුල් විඳි බිරිඳක වශයෙන් ද
පන්නා දමනු ලැබ සිටි විවාපත් තුරුණු බිරිඳක වශයෙන් ද
ස්වාමින්වහන්සේ යළි ඔබ කැඳවන සේකැ” යි
ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක.
7“එක් සුළු මොහොතකට මම ඔබ අත්හළෙමි.
එහෙත් මහා අනුකම්පාවකින් මම යළි ඔබ කැඳවා ගනිමි.
8කෝපයේ රළ-පතරකින් ඔබ වෙතින් මම,
මොහොතකට මගේ මුහුණ සඟවා ගතිමි.
එහෙත් සදාතනික ප්‍රේමයෙන්
මම ඔබට අනුකම්පා කරමි” යි
ඔබේ මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේ පවසන සේක.
9“මට මෙය නෝවාගේ දවස් වැන්න.
නෝවාගේ ගං වතුර යළි කිසි දින පොළෝ තලය වසා ගන්නේ නැතැයි
මා දිවුරා ඇති පරිදි, ඔබ කෙරේ කෝප වන්නේ නැති වගට හා
යළි කිසි දින ඔබට තරවටු නො කරන වගට මම දැන් දිවුළෙමි.
10මන්ද කඳු නික්ම යනු ඇත.
හෙල් ද ඉවත් කරනු ලබන්නේ ය.
එහෙත් ඔබට ඇති මගේ නොමියෙන පෙම ඔබ වෙතින් නික්ම යන්නේ නැත.
මගේ සාමයේ ගිවිසුම ද ඉවත් කරනු ලබන්නේ නැතැ” යි
ඔබට දයානුකම්පා පානා ස්වාමින්වහන්සේ කියන සේක.
11අහෝ පීඩාවට පත් කුණාටුවෙන් පහර ලැබූ, සැනසීමක් නො ලද නගරය,
මෙන්න, නිල් මැණිකෙන් මම ඔබ ගොඩ නගමි.
ඉඳුනිලෙන් ඔබේ අත්තිවාරම් දමමි.
12ඔබේ ආරක්ෂක පවුරු රතුකැටවලින් ද
ඔබගේ ගේට්ටු දිළිසෙන මැණික් ගලින් ද
ඔබගේ මුළු පවුර, වටිනා මැණික්වලින් ද තනමි.
13ඔබගේ පුතුන් සැවොම ස්වාමින්වහන්සේ විසින් උගන්වනු ලබති.
ඔබගේ දරුවන්ගේ ශාන්තිය අති මහත් වනු ඇත.
14දමිටුකමින් ඔබ ස්ථාපිත කෙරේ:
දුෂ්ට පාලනය ඔබෙන් ඈතට යනු ඇත.
බිය වීමට ඔබට කිසි හේතුවක් නො වනු ඇත.
භීතිය ඔබෙන් දුරුවනු ඇත.
එය ඔබ අසලටවත් පැමිණෙන්නේ නැත.
15යමකු සටනට ඔබ පොලඹවතත් ඒ මවෙතින් නො වේ.
සටනට ඔබ පොලඹවන කවුරු වුවත්, ඔබ නිසා වැටී යනු ඇත.
16“බලන්න! ගල් අඟුරින් ගිනි මොළවා,
නිසි කාරියට ආයුධ තනන
කම්මල්කරුවා මැවුවේ මම ය.
සංහාරය සඳහා විනාශකයා මැවුවේ ද මම ය.
17ඔබට එරෙහිව නිම වන ලද කිසි ආයුධයක් සඵල නො වේ.
විනිශ්චයේදී ඔබට එරෙහිව චෝදනා කරන හැම දිවක් ම ඔබ විසින් වරදට පත් කෙරේ.
ස්වාමින්වහන්සේගේ සේවකයින්ගේ උරුමය එයයි.
මවෙතින් ලැබෙනා ඔවුන්ගේ නිදොස් බවේ සහතිකය මෙය යැ!” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 54: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: