යෙසායා 5:8-12

යෙසායා 5:8-12 SCV

දේශය මධ්‍යයේ තමන්ට පමණක් ජීවත් වන ලෙසට, අන් කෙනකුට ඉඩක් නැති වන තරමට ගෙයකට ගෙයක් ඈඳා ගන්නා, ඉඩමකට ඉඩමක් එක් කර ගන්නා අයට දුක් වේ. සේනාංකවල ස්වාමින්වහන්සේ මා අසා සිටියදී මෙසේ දිවුළ සේක: “සත්තකින් ම බොහෝ නිවෙස්, පාළුවට යයි. සුවිසල්, අලංකාර මන්දිර වාසයෙන් තොර වනු ඇත. අක්කර දහයක මිදිවත්තකින් නිපදවෙන්නේ, මිදි යුෂ බාත් එකකි. බීජ හෝමෙරයකින් ලැබෙනු ඇත්තේ, ධාන්‍ය එක් ඒෆාවක් පමණි.” මත්පැන් වඩියක් හඹා යෑමට, හිමිදිරි උදයෙන් නැගිටින, මිදි යුෂ මතින් ඇවිළෙමින්, වෙරි මර ගාතේ රෑ බෝ වන තුරු පසු වන අයට දුක් වේ! ඔවුන්ගේ සාදවල වීණා හා මහ වීණා ද රබන් හා බටනළා ද මිදි යුෂ ද ඇත. එහෙත් ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන සැලකිල්ලක් ඔවුනට නැත. උන්වහන්සේගේ අත්වලින් කළ වැඩ ගැන දැක්මක් ඔවුන් තුළ නැත.

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 5:8-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය