යෙසායා 3:8-15

යෙසායා 3:8-15 SCV

මන්ද යෙරුසලම පැකිළ ඇත. යූදා වැටී ඇත. මන්ද උන්වහන්සේගේ තේජසේ දෑස් කුපිත කරලීමට, ඔවුන්ගේ වචන හා ඔවුන්ගේ ක්‍රියා ස්වාමින්වහන්සේට එරෙහිව ඇත. ඔවුන්ගේ මුහුණුවල පෙනුම, ඔවුන්ට එරෙහිව සාක්ෂි දරයි. සොදොම මෙන් ඔවුහු තම පාප විදහා පෙන්වති; ඔවුහු ඒවා නො සඟවති. ඔවුනට දුක් වේ! ඔවුන් තමන් පිටට ම විපත්තිය පමුණුවාගෙන ඇත. ශුභ සිද්ධ වෙතැයි ධර්මිෂ්ඨයිනට කියන්න. මන්ද ඔවුන් තම ක්‍රියාවල පල භුක්ති විඳිනු ඇත. දුෂ්ටයින්ට දුක් වේ! නපුර ඔවුන් පිට ය! මන්ද ඔවුන්ගේ අත්වලින් කළ දෑ පරිදි, ඔවුන්ට ආපිට පල දෙනු ඇත. මගේ ජනයාට පීඩා කරන්නේ දරුවන් ය. ඔවුන් ආණ්ඩු කරන්නේ ස්ත්‍රීන් ය. අහෝ මගේ ජනයිනි, නුඹලාගේ මග පෙන්වන්නෝ නුඹලා මංමුළා කළෝ, නුඹලාගේ ගමන් මගින් ඉවතට නුඹලා හැරෙවුවෝ ය. කරුණු දක්වන්නට ස්වාමින්වහන්සේ නැගුටුණු සේක. ජනයා විනිශ්චයට උන්වහන්සේ නැගිට සිටින සේක. ස්වාමින්වහන්සේ තම ජනයාගේ වැඩිහිටියනට හා අධිපතීනට එරෙහිව විනිශ්චයට පිවිසෙන සේක. “මගේ මිදි වත්ත නැති නාස්ති කළෝ නුඹලා ය. දුප්පතුන්ගෙන් කොල්ල කෑ දෑ, නුඹලාගේ නිවෙස්වල ය. මගේ ජනයා මිරිකා, පොඩිකර දැමීමෙන්, දුගී ජනයාගේ මුහුණු තලා-අඹරා දැමීමෙන්, නුඹලා කුමක් අදහස් කරත් දැ?” යි ස්වාමින්වහන්සේ, සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.