යෙසායා 26:1-7

යෙසායා 26:1-7 SCV

ඒ දවසේ යූදා දේශයේ මේ ගීතය ගායනා කෙරෙනු ඇත: අපට ප්‍රබල පුරවරයක් ඇත. උන්වහන්සේ ගැලවීම පිහිටුවන්නේ පවුරු හා කොටු තාප්ප වශයෙනි. ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය ඇතුල් වන පිණිස දොරටු අරින්න. ඔබ කෙරේ විශ්වාසය තබන බැවින්, ස්ථිර සිත ඇති තැනැත්තා, ඔබ පරිසමාප්ත සාමයෙහි තබනු ඇත. ස්වාමින්වහන්සේ කෙරේ සදහට විශ්වාසය තබන්න. මන්ද ස්වාමින්වහන්සේ එසේය, ස්වාමින්වහන්සේ සදාතනික පර්වතයාණන් ය. අහංකාර පුරවරයෙහි, උසස් තැන්හි වෙසෙන්නවුන් උන්වහන්සේ යටහත් කරන සේක. උන්වහන්සේ එය බිමෙහි ම හොවන සේක. දූලියෙහි හෙළන සේක. පීඩිතවූවන්ගේ පාදවලින්, දුප්පතුන්ගේ අඩිවලින් එය පයින් පාගා දැමේ. දමිටුන්ගේ මාවත සමතල ය. අහෝ සෘජුගුණ ඇත්තාණනි, ඔබ දමිටුනගේ මාර්ගය සුමට කරවන සේක.