යෙසායා 25:6-9
යෙසායා 25:6-9 SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙම කන්ද මත සියලු ජනයින්ට රසමසවුලෙන් යුතු පරණ කළ මිදි යුෂවලින් යුතු මංගල සාදයක් පිළියෙල කරන සේක. එම ප්‍රිය සාදය ඉතා හොඳ මසින් ද ඉස්තරම් මිදි යුෂවලින් ද යුතු වෙයි. සියලු ජාතීන් වසා ගත් වැසුම් තිරය, සියලු ජනයින් මත අතුළ ආවරණය, උන්වහන්සේ මේ කන්ද මතදී ගිල දමන සේක. උන්වහන්සේ, මරණය සදහට ම ගිල දමන සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු ඉවත ගසා දමන සේක. උන්වහන්සේ තම ජනතාවගේ නින්දාව, මුළු පොළෝ තලයෙන් පහ කර දමන සේක. මන්ද ස්වාමින්වහන්සේ කතා කර ඇත. ඒ දවසේ මෙසේ කියනු ඇත: “මෙන්න! මේ අපේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ අප ගලවන පිණිස, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. මුන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේගේ ගැලවීමෙහි අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වමු.”

