දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්රකාශනයයි: මොකක් ද මෙහි තේරුම; ඔබ උඩ නැගගෙන. ඔබ සැවොම ගෙපියසි උඩ. කෑ මොර දීමෙන් පිරුණු, රළු ඝෝෂාවෙන් හා ප්‍රීතියෙන් කුල්මත් නගරය, ඔබේ මරා දමනු ලැබුවෝ, කඩු පහරින් මැරුණෝ නො වෙති. සටනේදී මියගියෝ ද නො වෙති. ඔබේ සියලු නායකයෝ එක් ව පලාගියෝ, දුන්න පාවිච්චි නො කර ම අල්ලා ගනු ලැබුවෝ ය. බොහෝ ඈතට පලා ගොස් සිටිය ද, අල්ලා ගනු ලැබූ නුඹලා සියල්ලෝ ම, සිරකරුවන් සේ එකට ගෙන යන ලදහ. එබැවින් මම මෙසේ කීවෙමි: “මා වෙතින් ඉවත බලන්න; මට හඬා වැලපෙන්නට ඉඩ හරින්න. මගේ ජනයාගේ දියණියගේ විනාශය ගැන මා අස්වසන්නට උත්සාහ ගන්න එපා.” මන්ද ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේට, දර්ශන මිටියාවතේ සංත්රාසයේ ද පාගාදැමීමේ හා වියවුලේ ද දවසක් ඇත. ඒ නගර පවුරු බිඳ දැමීමේ ද පිහිට පතා කඳුවලට මොර ගැසීමේ ද දවසකි. ඒලාම්වරු යුධ රථ හා අශ්වයින් සමඟින් දුනු-හී දැරූහ. කීර් වාසීහු පලිහ නිරාවරණ කළහ. ඔබේ සරු සාර මිටියාවත්, යුද-රථවලින් පිරිලා ය. නගර දොරටුවල අසරුවෝ ස්ථානගත ව සිටිති. උන්වහන්සේ යූදාහි ආරක්ෂාව ඉවත් කළ සේක. ඒ දවසේ ඔබ, වනය නම් මැදුරේ අවි-ආයුධ දෙස බැලූහ. දාවිත් පුරයේ ආරක්ෂක කපොලුවල බිඳුම් බොහෝ වග ඔබ දුටුවහ. ඔබ පහළ පොකුණට ජලය රැස් කළහ. යෙරුසලමේ ගොඩනැගිලි ගණන් කළ ඔබ, නගර-පවුර ශක්තිමත් කරන පිණිස ඇතැම් ගෙවල් කඩා දැමූහ. පැරණි පොකුණේ ජලය සඳහා ඔබ, පවුරු දෙක අතරේ ජලාශයක් තනා ගත්හ. එහෙත් මේවා කළ තැනැත්තාණන් දෙස ඔබ බැලුවේ නැත. දිගු කලකට ඉහත, මේවා සැලසුම් කළ තැනැත්තාණන් ඔබ දුටුවේ නැත. ඒ දවසේ හැඬීමටත්, වැලපීමටත් හිස මුඩු කිරීමට හා ගෝණි රෙදි හැඳ ගැනීමටත් ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේ, ඔබට හඬ ගැසූ සේක. එහෙත් මෙන්න! ප්‍රීතිය හා ප්‍රමෝදයත් ගවයින් මැරීම හා බැටළු ඝාතනයත්, මස් කෑම හා මිදි යුෂ පානයත්. ඔබ කියන්නේ, “අද අපි කමු බොමු මන්ද හෙට අප මැරී යාවී” කියා ය. සේනාංකවල ස්වාමින්වහන්සේ මගේ දෙසවනට මෙසේ එළිදරවු කළ සේක: “ඔබ මියෙන තුරා මේ අයුතුකමට ඔබට කමාවක් නම් නැතැ” යි ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේපවසන සේක.
යෙසායා 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 22:1-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ