“එබැවින් මෙන්න! මම ඇය පොලඹවා ගෙන, පාළුකරයට කැඳවාගෙන ගොස්, මුදු වදනින් ඇයට කතා කරන්නෙමි. එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී, ආකොර් මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි. එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන් ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත. “ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘ඒ දවසේදී ඔබ මට, “මගේ සැමියා” යි කියනු ඇත. තවදුරටත් ඔබ මට, “මගේ බාල් යැ” යි කියනු නැත. මන්ද මම ඇගේ දෙතොලතරින් බාල් දේවතා නාම පහ කරන්නෙමි. තවදුරටත් ඔවුන්ගේ නාම භාවිත කෙරෙන්නේ නැත. ඒ දවසේ මම ඔවුන් උදෙසා, වන මෘගයින් ද අහස් පක්ෂීන් ද බිම බඩ ගා ඇදෙන උරගයින් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. සැමට ම සුරැකි ව වෙසෙනු හැකි වන පිණිස දුන්න ද කඩුව ද සංග්‍රාමය ද මම දේශයෙන් අවලංගු කර දමන්නෙමි. මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි. දමිටුකමින් ද යුක්තියෙන් ද නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි. විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි. එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත. “ ‘ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ඒ දවසේ මම ප්‍රතිචාර දක්වන්නෙමි.’ මම අහස්වලට ප්‍රතිචාර දක්වන්නෙමි; එවිට එය පොළොවට ප්‍රතිචාර දක්වන්නේ ය. එවිට පොළොව ප්‍රතිචාර දක්වන්නේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද තෙල් ද සමඟිනි. මෙසේ ඒවා යෙස්රෙයෙල් වෙත ප්‍රතිචාර දක්වනු ඇත. දේශය තුළ මම මට ම, ඇය පැළකර ගන්නෙමි, ‘අනුකම්පා නො ලද්දී’ යි මා කී තැනැත්තියට මම මගේ අනුකම්පාව දක්වමි. ‘මගේ ජනයා නො වේ’ යි මා කී අයට, ‘මගේ ජනයා ඔබ යැ’ යි කියන්නෙමි. එවිට, ‘මගේ දෙවියන්වහන්සේ ඔබ යැ’ යි ඔබ පවසනු ඇත.”
හොෂෙයා 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හොෂෙයා 2:14-23
4 Days
How do you make the most of your gifts? What has God put on your heart? What does He want you to do? Written specifically for emerging adults, college students, and young leaders, this reading plan will help you understand your passion and pursue what God has in store for you.
4 days
A devotional about the infallible love of God.
5 Days
Too often the intensity of pain and grief can push us to bypass proper healing. When we do this, we shortcut what God wants to do in us and never fully heal. This plan will guide you through passages of Scripture that will encourage the process of healing. You can come out on the other side of your storm a more mature person with a deeper understanding of God.
Imagine walking dusty roads of Galilee with Jesus of Nazareth—braving jostling crowds to touch the edge of His cloak and hear Him say, "Take heart, daughter, your faith has healed you." Those words, once meant to comfort a hurting woman’s soul thousands of years ago, were also meant for you. Over five days, join biblical culturalist, Kristi McLelland on those dusty roads as she transports you back to Jesus' world.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ