හෙබ්‍රෙව් 13
13
අවසන් අවවාදානුශාසනා
1සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න. 2ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. ආගන්තුක සත්කාර කිරීමෙන් ඇතමුන් නො දැන ම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත. 3ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගත ව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විඳින්නන් ද සිහිපත් කරන්න.
4විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත. 5මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද,
“කොහෙත් ම මම ඔබ හැර නො යමි;
කිසි කල ඔබ අත්හැර නො දමමි”#13:5 ද්වි 31;6 යි උන්වහන්සේ පවසා තිබේ.
6එබැවින්, නිසැක විශ්වාසයෙන් අපට මෙසේ කිව හැකි ය,
“ස්වාමින්වහන්සේ මගේ උපකාරකරුවාණෝ ය; මම බය නො වන්නෙමි.
මිනිසා මට කුමක් කරන්න ද?”#13:6 ගීතා 118:6,7
7ඔබට දෙවියන්වහන්සේගේ වචනය කතා කළ නායකයින් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මෙහි ප්‍රතිඵලය සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණ කරන්න. 8යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය.
9සියලු ආකාර අමුතු ඉගැන්වීම් මගින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත. 10මණ්ඩපයේ මෙහෙ කරන්නවුන්ට කන්නට අවසර නැති, පූජාසනයක් අපට තිබේ.
11උත්තම පූජකයා, පාප පූජාවක් ලෙස ශුද්ධස්ථානවලට සත්ව ලේ ගෙන ගිය ද, උන්ගේ සිරුරු දවා දමනු ලබන්නේ කඳවුරෙන් පිටතදී ය. 12මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක. 13එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු. 14මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු.
15එබැවින් නිරතුරු ව, උන්වහන්සේ මගින් දෙවියන්වහන්සේ වෙත, උන්වහන්සේගේ නාමය පිළිගන්නා අපේ තොල්වල පලය වන ප්‍රශංසා පූජා ඔප්පු කරමු. 16යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය.
17ඔබේ නායකයින්ට අවනත ව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.
18අප උදෙසා යාච්ඤා කරන්න. මන්ද හැම දේකදී ගෞරවනීය ව ක්‍රියා කිරීමේ ආශාවෙන් යුතු පැහැදිලි හෘදය සාක්ෂියක් අපට ඇති බැව් අපට සහතික ය. 19ඉක්මනින් යළිත් ඔබ අතරට මා එවනු ලබන පිණිස එසේ කරන මෙන් විශේෂයෙන් ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලමි.
ශුභාශිංසනය
20සදාතන ගිවිසුමේ ලේ මගින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ, 21ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින් ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්.
22සහෝදරයිනි, මගේ මෙම අවවාදාත්මක වචන ඉවසීමෙන් පිළිගන්න මෙන් උදක් ම ඔබෙන් ඉල්ලමි. මා ඔබට ලීවේ කෙටියෙනි.
23අප සහෝදර තිමෝතියස් නිදහස් වී ඇති බැව් ඔබට දන්වනු කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියහොත් ඔහු සමඟ ඔබ හමුවට එන්නෙමි.
24ඔබගේ නායකයින්ටත්, සියලු ශුද්ධවතුන්ටත් ආචාර කරන්න;
ඉතාලියේ අය ඔබට ආචාර කරති.
25අනුග්‍රහය ඔබ හැම සමඟ පවතීවා!
දැනට තෝරාගෙන ඇත:
හෙබ්‍රෙව් 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: