හෙබ්‍රෙව් 1:10-14

හෙබ්‍රෙව් 1:10-14 SCV

තවද, “ස්වාමින්වහන්ස, පටන් ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ. ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක; ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි. ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙස පවතින සේක. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.” කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා විසින් ඔබේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.” ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?

හෙබ්‍රෙව් 1:10-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය