හෙබ්‍රෙව් 1:10-14
හෙබ්‍රෙව් 1:10-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද, “ස්වාමින්වහන්ස, පටන් ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ. ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක; ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි. ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙස පවතින සේක. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.” කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා විසින් ඔබේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.” ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?
හෙබ්‍රෙව් 1:10-14 Sinhala Revised Old Version (SROV)
නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති. ඒවා විනාශවන්නේය; නුමුත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක. නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද? ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?
හෙබ්‍රෙව් 1:10-14 Sinhala New Revised Version (NRSV)
යළිත්: “ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය. ඒවා පහ ව යන්නේ ය, එහෙත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත්‍ර මෙන් පරණ වන්නේ ය; ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක. එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද? එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
හෙබ්‍රෙව් 1:10-14 Sinhala New Revised Version 2018 (SNRV)
යළිත්: “ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය. ඒවා පහ ව යන්නේ ය, එහෙත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත්‍ර මෙන් පරණ වන්නේ ය; ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක. එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද? එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
හෙබ්‍රෙව් 1:10-14 New International Version (NIV)
He also says, “In the beginning, Lord, you laid the foundations of the earth, and the heavens are the work of your hands. They will perish, but you remain; they will all wear out like a garment. You will roll them up like a robe; like a garment they will be changed. But you remain the same, and your years will never end.” To which of the angels did God ever say, “Sit at my right hand until I make your enemies a footstool for your feet”? Are not all angels ministering spirits sent to serve those who will inherit salvation?