උත්පත්ති 8:8-12
උත්පත්ති 8:8-12 SCV
පසුව නෝවා, පොළොව මතු පිටින් ජලය බැස ගියේ දැයි බලන පිණිස, පරෙවියකු පිටතට යැවී ය. එහෙත් පොළෝ තලය මුළුල්ල ම ජලයෙන් වැසී තිබූ බැවින්, පය ගසන්නට තැනක් හමු නො වූයෙන්, පරෙවියා නෝවා වෙත ආපසු නැවට ආවේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා, තමා වෙත නැව තුළට ගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා, යළිත් නැවෙන් පිටතට පරෙවියා යැවී ය. පරෙවියා සවස ඔහු වෙත ආපසු පැමිණියේ ය. එවිට මෙන්න! උගේ හොටෙහි වූයේ අලුත කැඩූ අමු ඔලීව කොළයකි. එබැවින් පොළොවෙන් ජලය බැස ගොස් ඇති වග නෝවා දැනගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා යළිත් පරෙවියා පිටතට යැවී ය. එහෙත් මෙවර ඌ ආපසු ඔහු වෙත ආවේ නැත.


