උත්පත්ති 8:8-12
උත්පත්ති 8:8-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසුව නෝවා, පොළොව මතු පිටින් ජලය බැස ගියේ දැයි බලන පිණිස, පරෙවියකු පිටතට යැවී ය. එහෙත් පොළෝ තලය මුළුල්ල ම ජලයෙන් වැසී තිබූ බැවින්, පය ගසන්නට තැනක් හමු නො වූයෙන්, පරෙවියා නෝවා වෙත ආපසු නැවට ආවේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා, තමා වෙත නැව තුළට ගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා, යළිත් නැවෙන් පිටතට පරෙවියා යැවී ය. පරෙවියා සවස ඔහු වෙත ආපසු පැමිණියේ ය. එවිට මෙන්න! උගේ හොටෙහි වූයේ අලුත කැඩූ අමු ඔලීව කොළයකි. එබැවින් පොළොවෙන් ජලය බැස ගොස් ඇති වග නෝවා දැනගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා යළිත් පරෙවියා පිටතට යැවී ය. එහෙත් මෙවර ඌ ආපසු ඔහු වෙත ආවේ නැත.
උත්පත්ති 8:8-12 Sinhala Revised Old Version (SROV)
ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය; එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය. ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය; පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය. ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය.
උත්පත්ති 8:8-12 Sinhala New Revised Version (NRSV)
පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේ දැ යි බලනු පිණිස පරෙවියෙකු පිටතට යැවී ය. එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුළට ගත්තේ ය. ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය. එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත.
උත්පත්ති 8:8-12 Sinhala New Revised Version 2018 (SNRV)
පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේ දැ යි බලනු පිණිස පරෙවියෙකු පිටතට යැවී ය. එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුළට ගත්තේ ය. ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය. එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත.
උත්පත්ති 8:8-12 New International Version (NIV)
Then he sent out a dove to see if the water had receded from the surface of the ground. But the dove could find nowhere to perch because there was water over all the surface of the earth; so it returned to Noah in the ark. He reached out his hand and took the dove and brought it back to himself in the ark. He waited seven more days and again sent out the dove from the ark. When the dove returned to him in the evening, there in its beak was a freshly plucked olive leaf! Then Noah knew that the water had receded from the earth. He waited seven more days and sent the dove out again, but this time it did not return to him.