උත්පත්ති 6:8-11

උත්පත්ති 6:8-11 SCV

එහෙත් නෝවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසාදය ලද්දේ ය. නෝවාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය. ධර්මිෂ්ඨ මිනිසකු වූ නෝවා, ඔහුගේ කාලයේ මිනිසුන් අතර නිදොස් මිනිසා විය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. නෝවාට ෂේම්, හාම් හා යාෆෙත් නම් වූ පුතුන් තිදෙනෙක් වූහ. මේ වන විට පොළොව දෙවියන්වහන්සේ හමුවෙහි දූෂිත ව, සැහැසිකමින් පිරී තිබිණි.