උත්පත්ති 6:8-11
උත්පත්ති 6:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් නෝවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසාදය ලද්දේ ය. නෝවාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය. ධර්මිෂ්ඨ මිනිසකු වූ නෝවා, ඔහුගේ කාලයේ මිනිසුන් අතර නිදොස් මිනිසා විය. ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. නෝවාට ෂේම්, හාම් හා යාෆෙත් නම් වූ පුතුන් තිදෙනෙක් වූහ. මේ වන විට පොළොව දෙවියන්වහන්සේ හමුවෙහි දූෂිත ව, සැහැසිකමින් පිරී තිබිණි.
උත්පත්ති 6:8-11 Sinhala Revised Old Version (SROV)
එහෙත් නෝවා ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ලැබුයේය. නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය. නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය. පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.
උත්පත්ති 6:8-11 Sinhala New Revised Version (NRSV)
එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය. නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ. එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ.
උත්පත්ති 6:8-11 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය. නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ. එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ.
උත්පත්ති 6:8-11 New International Version (NIV)
But Noah found favor in the eyes of the LORD. This is the account of Noah and his family. Noah was a righteous man, blameless among the people of his time, and he walked faithfully with God. Noah had three sons: Shem, Ham and Japheth. Now the earth was corrupt in God’s sight and was full of violence.