උත්පත්ති 50:18-21

උත්පත්ති 50:18-21 SCV

එවිට ඔහුගේ සහෝදරයෝ ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියේ බිම වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයින්” යයි කීවෝ ය. එහෙත් යෝසෙප් ඔවුන් අමතමින්, “භය වෙන්න එපා; දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවනි ද? මට නපුරක් කරන්නට නුඹලා අදහස් කළත්, දෙවියන්වහන්සේ ජීවිත බොහොමයක් ගලවමින්, දැන් සිදු වී ඇති පරිදි, එය යහපතට අදහස් කළ සේක. එබැවින් භය වෙන්න එපා. මා නුඹලාත්, නුඹලාගේ දරුවනුත් නඩත්තු කරනවා” යි කීවේ ය. මෙසේ ඔහු කාරුණික ව ඔවුන්ට කතා කරමින්, ඔවුන් සැනසවී ය.