උත්පත්ති 50:18-21
උත්පත්ති 50:18-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔහුගේ සහෝදරයෝ ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියේ බිම වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයින්” යයි කීවෝ ය. එහෙත් යෝසෙප් ඔවුන් අමතමින්, “භය වෙන්න එපා; දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවනි ද? මට නපුරක් කරන්නට නුඹලා අදහස් කළත්, දෙවියන්වහන්සේ ජීවිත බොහොමයක් ගලවමින්, දැන් සිදු වී ඇති පරිදි, එය යහපතට අදහස් කළ සේක. එබැවින් භය වෙන්න එපා. මා නුඹලාත්, නුඹලාගේ දරුවනුත් නඩත්තු කරනවා” යි කීවේ ය. මෙසේ ඔහු කාරුණික ව ඔවුන්ට කතා කරමින්, ඔවුන් සැනසවී ය.
උත්පත්ති 50:18-21 Sinhala Revised Old Version (SROV)
ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැටී: මෙන්න, අපි ඔබගේ මෙහෙකරුවෝයයි කීවෝය. යෝසෙප්: භයනොවෙන්න. මම දෙවියන්වහන්සේ වෙනුවට සිටිම්ද? නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක. එබැවින් භය නොවන්න. මම නුඹලා සහ නුඹලාගේ දරුවන්ද පෝෂ්යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය.
උත්පත්ති 50:18-21 Sinhala New Revised Version (NRSV)
ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැඳ වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයෝ වෙමු”යි කී හ. එහෙත් ජෝසෙප් ඔවුන්ට කතා කොට, “බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකි ද? ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක. එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.
උත්පත්ති 50:18-21 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැඳ වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයෝ වෙමු”යි කී හ. එහෙත් ජෝසෙප් ඔවුන්ට කතා කොට, “බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකි ද? ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක. එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.
උත්පත්ති 50:18-21 New International Version (NIV)
His brothers then came and threw themselves down before him. “We are your slaves,” they said. But Joseph said to them, “Don’t be afraid. Am I in the place of God? You intended to harm me, but God intended it for good to accomplish what is now being done, the saving of many lives. So then, don’t be afraid. I will provide for you and your children.” And he reassured them and spoke kindly to them.