උත්පත්ති 49:29-33

උත්පත්ති 49:29-33 SCV

ඉන්පසු ඔහු ඔවුන්ට අණ කරමින්, “මා මගේ ජනයා අතරට එක් වීම, ළං වෙලා. හිත්තීය එෆ්‍රොන්ගේ ඉඩමේ ඇති ගුහාවෙහි, මගේ පියවරුන් අතර මා වළලන්න. එම ගුහාව කානාන් දේශයේ මම්රේ අසල මක්පේලා ඉඩමෙහි වෙයි. එය, හිත්තීය එෆ්‍රොන්ගෙන්, සොහොන් පොළක් වශයෙන් ආබ්‍රහම් මිලයට ගෙන තිබූ ඉඩම් කැබැල්ලයි. ආබ්‍රහම් හා ඔහුගේ බිරිඳ, සාරා වළලන ලද්දේ එහි ය. ඊසාක් හා ඔහුගේ බිරිඳ, රෙබෙකා වළලන ලද්දේ එහි ය. මවිසින් ලෙයා වළලන ලද්දේත් එහි ය. එම ඉඩමත් එහි වූ ගුහාවත්, මිලයට ගන්නා ලද්දේ හිත්තිවරුන්ගෙනි” යි කීවේ ය. යාකොබ් මෙසේ තම පුතුනට අණ දී, තම දෙපා යහන මතට ගෙන, අවසන් හුස්ම හෙළා, මිය ගිය තම ජනයා අතරට එක් වුණේ ය.