උත්පත්ති 48:18-22
උත්පත්ති 48:18-22 SCV
යෝසෙප් තම පියාට කතා කොට, “එහෙම නො වේ මගේ පියාණෙනි, මොහුයි කුලුඳුලා. ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ” යි කීවේ ය. එහෙත් ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මා දන්නවා, මා පුත, මා දන්නවා. ඔහුත් ජනතාවක් වෙනවා ඇති; ඔහුත් ශ්‍රේෂ්ඨ වනු ඇති. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහුගෙන් පැවත එන්නෝ ජාතීන් සමූහයක් බවට පත් වන්නෝ යැ” යි පැවසී ය. මෙසේ ඒ දවසේ ඔහු ඔවුන්ට ආශිර්වාද කරමින්, “ඉශ්‍රායෙල්වරුන් ආශිර්වාද ප්‍රකාශ කිරීමට ඔබේ නම යොදා ගනිමින්, ‘දෙවියන්වහන්සේ, ඔබ එප්‍රායිම් හා මනස්සේ මෙන් වෙන්නට සලසත්වා!’ කියා කියනු ඇතැ” යි කීවේ ය. මෙසේ ඔහු එප්‍රායිම්, මනස්සේට පෙරටුවෙන් තැබී ය. ඉන්පසු ඉශ්‍රායෙල්, යෝසෙප්ට කතා කොට, “මා මිය යන්නට ළං වෙලා. දෙවියන්වහන්සේ නුඹලා සමඟ වන සේක්, නුඹලාගේ පියවරුන්ගේ දේශයට නුඹලා නැවත ගෙන යන සේක. අමෝරිවරුන් අතින් මගේ කඩුවෙන් හා මගේ දුන්නෙන් මා ලබා ගත් දෙයින්, ඔබේ සහෝදරයින්ට දුන්නාට වඩා එක් පංගුවක් මම නුඹට දෙන්නෙමි” යි කීවේ ය.

