උත්පත්ති 43:11-14

උත්පත්ති 43:11-14 SCV

එවිට ඔවුන්ගේ පියා වූ ඉශ්‍රායෙල් ඔවුන් අමතමින්, “එය එසේ විය යුතු ම නම්, මෙලෙස කරන්න; දේශයේ හොඳ ම නිපැයුම් ඔබේ මලුවල ලා, ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. සුවඳ ඔසු ආලේපන ස්වල්පයක්, මී පැණි ස්වල්පයක්, සුවඳලාටු, කට්ටකුමංජල්, පිස්ටාචියෝ මද හා බාදම් මද වැනි දේවල් ගෙන යන්න. ඔබේ අත්වල දෙගුණයක් මුදල් ගෙන යන්න; මන්ද ඔබේ ගෝණි කටේ දමා තිබූ මුදල්, ආපසු දිය යුතුයි. ඇතැම් විට, එය වැරදීමක් විය හැකියි. ඔබේ සහෝදරයාත් කැටිව, වහාම ඒ මිනිසා වෙත නැවත යන්න. ඔබේ අනෙක් සහෝදරයාටත්, බෙන්යමින්ටත් ඔබ සමඟ ආපසු ඒමට, ඒ මිනිසා ඉඩ දෙන පරිදි, සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ඒ මිනිසා හමුවේ ඔබට දයාව පානා සේක්වා. මා ගැන නම්, මගේ දරුවන් මට අහිමි කෙරේ නම්, අහිමි කෙරේවා” යි කීවේ ය.