උත්පත්ති 43:11-14
උත්පත්ති 43:11-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔවුන්ගේ පියා වූ ඉශ්‍රායෙල් ඔවුන් අමතමින්, “එය එසේ විය යුතු ම නම්, මෙලෙස කරන්න; දේශයේ හොඳ ම නිපැයුම් ඔබේ මලුවල ලා, ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. සුවඳ ඔසු ආලේපන ස්වල්පයක්, මී පැණි ස්වල්පයක්, සුවඳලාටු, කට්ටකුමංජල්, පිස්ටාචියෝ මද හා බාදම් මද වැනි දේවල් ගෙන යන්න. ඔබේ අත්වල දෙගුණයක් මුදල් ගෙන යන්න; මන්ද ඔබේ ගෝණි කටේ දමා තිබූ මුදල්, ආපසු දිය යුතුයි. ඇතැම් විට, එය වැරදීමක් විය හැකියි. ඔබේ සහෝදරයාත් කැටිව, වහාම ඒ මිනිසා වෙත නැවත යන්න. ඔබේ අනෙක් සහෝදරයාටත්, බෙන්යමින්ටත් ඔබ සමඟ ආපසු ඒමට, ඒ මිනිසා ඉඩ දෙන පරිදි, සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ඒ මිනිසා හමුවේ ඔබට දයාව පානා සේක්වා. මා ගැන නම්, මගේ දරුවන් මට අහිමි කෙරේ නම්, අහිමි කෙරේවා” යි කීවේ ය.
උත්පත්ති 43:11-14 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න. මුදල් දෙගුණයක් නුඹලාගේ අත්වල තබාගන්න; නුඹලාගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත නුඹලාගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත. නුඹලාගේ සහෝදරයාද කැඳවාගෙන පිටත්වී ඒ මනුෂ්‍යයා වෙතට නැවත යන්න. ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.
උත්පත්ති 43:11-14 Sinhala New Revised Version (NRSV)
එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන. නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න; තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.
උත්පත්ති 43:11-14 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 43:11-14 New International Version (NIV)
Then their father Israel said to them, “If it must be, then do this: Put some of the best products of the land in your bags and take them down to the man as a gift—a little balm and a little honey, some spices and myrrh, some pistachio nuts and almonds. Take double the amount of silver with you, for you must return the silver that was put back into the mouths of your sacks. Perhaps it was a mistake. Take your brother also and go back to the man at once. And may God Almighty grant you mercy before the man so that he will let your other brother and Benjamin come back with you. As for me, if I am bereaved, I am bereaved.”