උත්පත්ති 32:3-8

උත්පත්ති 32:3-8 SCV

යාකොබ්, ඒදොම් රට වූ සේයිර් දේශයේ තම සහෝදර ඒසව් වෙත තමාට පෙරටුවෙන් පණිවුඩකරුවන් යැවී ය. ඔහු ඔවුනට උපදෙස් දෙමින්, “මගේ ස්වාමියා වන ඒසව් වෙත ගොස්, ඔබ කිව යුත්තේ මෙයයි: ‘ඔබේ සේවක යාකොබ් මෙසේ කියයි: මා ලාබාන් සමඟ වාසය කරමින් මෙතෙක් කල් එහි සිටියා. මට ගවයින් ද බූරුවන් ද බැටළුවන් හා එළුවන් ද දැසි දස්සන් ද සිටිනවා. මගේ ස්වාමියා වෙත මේ පණිවුඩය එවන්නේ, ඔබ හමුවෙහි මට ප්‍රසාදය ලැබෙන පිණිස යැ’ ” යි කීවේ ය. පණිවුඩකරුවෝ පෙරළා යාකොබ් වෙත අවුත්, “ඔබගේ සහෝදර ඒසව් වෙත අප ගියා. ඔබ හමුවීමට ඔහු එමින් සිටිනවා. ඔහු සමඟ මිනිසුන් හාරසිය දෙනෙක් ද සිටිනවා” යි කීවෝ ය. එවිට මහත් භයට ද කැලඹීමට ද පත් යාකොබ්, තමා සමඟ සිටි පිරිස ද එළු බැටළු, ගව රංචු හා ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදී ය. ඔහු සිතුවේ, “ඒසව් අවුත්, එක් කණ්ඩායමකට පහර දුන්නහොත්, ඉතිරි අනෙක් කණ්ඩායමට බේරී යා හැකි ය” කියා ය.