උත්පත්ති 32:3-8
උත්පත්ති 32:3-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාකොබ්, ඒදොම් රට වූ සේයිර් දේශයේ තම සහෝදර ඒසව් වෙත තමාට පෙරටුවෙන් පණිවුඩකරුවන් යැවී ය. ඔහු ඔවුනට උපදෙස් දෙමින්, “මගේ ස්වාමියා වන ඒසව් වෙත ගොස්, ඔබ කිව යුත්තේ මෙයයි: ‘ඔබේ සේවක යාකොබ් මෙසේ කියයි: මා ලාබාන් සමඟ වාසය කරමින් මෙතෙක් කල් එහි සිටියා. මට ගවයින් ද බූරුවන් ද බැටළුවන් හා එළුවන් ද දැසි දස්සන් ද සිටිනවා. මගේ ස්වාමියා වෙත මේ පණිවුඩය එවන්නේ, ඔබ හමුවෙහි මට ප්‍රසාදය ලැබෙන පිණිස යැ’ ” යි කීවේ ය. පණිවුඩකරුවෝ පෙරළා යාකොබ් වෙත අවුත්, “ඔබගේ සහෝදර ඒසව් වෙත අප ගියා. ඔබ හමුවීමට ඔහු එමින් සිටිනවා. ඔහු සමඟ මිනිසුන් හාරසිය දෙනෙක් ද සිටිනවා” යි කීවෝ ය. එවිට මහත් භයට ද කැලඹීමට ද පත් යාකොබ්, තමා සමඟ සිටි පිරිස ද එළු බැටළු, ගව රංචු හා ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදී ය. ඔහු සිතුවේ, “ඒසව් අවුත්, එක් කණ්ඩායමකට පහර දුන්නහොත්, ඉතිරි අනෙක් කණ්ඩායමට බේරී යා හැකි ය” කියා ය.
උත්පත්ති 32:3-8 Sinhala Revised Old Version (SROV)
තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය. ඔහු ඔවුන්ට අණකරමින්: නුඹලා මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය–මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි. මට ගවයෝද කොටළුවෝද රැළවල්ද දාස දාසීහුද සිටිති. ඔබගෙන් කරුණාව ලැබෙන පිණිස මාගේ ස්වාමියාට දන්වන්ට එවීමියි කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය. එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා: ඒසව් අවුත් එක් කණ්ඩායමකට පහර දෙන්නේනම් ඉතිරි කණ්ඩායමට ගැළවෙන්ට පුළුවනැයි කීවේය.
උත්පත්ති 32:3-8 Sinhala New Revised Version (NRSV)
තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය. ඔහු ඔවුන්ට අණ කරමින්, “නුඹලා මාගේ ස්වාමීන් වන ඒසව්ට කතා කොට, ‘ඔබේ දාසයා වන ජාකොබ් මෙසේ කියන්නේ ය: මම ලාබන් සමඟ නැවතී, මෙතෙක් එහි සිටියෙමි. තවද, ගවයන් ද කොටළුවන් ද එළු බැටළු පට්ටි ද දැසිදසුන් ද මට ඇත. ඔබ ඉදිරියෙහි ප්‍රසාදය ලබන පිණිස මම මාගේ ස්වාමීන් හට දැන්වීමට මෙම පණිවුඩය එවමි’යි සැළ කළ යුතු යැ”යි කීවේ ය. දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ. ජාකොබ් අතිශයින් බියවී කැළඹිණි. ඔහු තමා කැටුව සිටි පිරිස ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදා, “ඒසව් යම් විටක එක කණ්ඩායමක් වෙත පැමිණ, ඊට පහර දුන්නොත්, ඉතිරි අනික් කණ්ඩායමට ගැළවී යත හැකි ය”යි සිතී ය.
උත්පත්ති 32:3-8 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 32:3-8 New International Version (NIV)
Jacob sent messengers ahead of him to his brother Esau in the land of Seir, the country of Edom. He instructed them: “This is what you are to say to my lord Esau: ‘Your servant Jacob says, I have been staying with Laban and have remained there till now. I have cattle and donkeys, sheep and goats, male and female servants. Now I am sending this message to my lord, that I may find favor in your eyes.’ ” When the messengers returned to Jacob, they said, “We went to your brother Esau, and now he is coming to meet you, and four hundred men are with him.” In great fear and distress Jacob divided the people who were with him into two groups, and the flocks and herds and camels as well. He thought, “If Esau comes and attacks one group, the group that is left may escape.”