එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය. “යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ඔහු කතා කරමින්, “මින් මතු ඔබේ නම යාකොබ් නො වේ, ඉශ්‍රායෙල් ය. මන්ද දෙවියන්වහන්සේ සමඟත්, මිනිසුන් සමඟත් ඔබ පොර බදා ජය ගෙන ඇතැ” යි කීවේ ය. යාකොබ් ඔහු අමතමින්, “අනේ මට ඔබේ නම කියන්නැ” යි ඉල්ලී ය. එහෙත්, “ඔබ මගේ නම විචාරන්නේ මන්දැ?” යි පැවසූ ඔහු, ඉන්පසු එහිදී යාකොබ්ට ආශිර්වාද කළේ ය. එබැවින් යාකොබ්, “මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටුවෙමි. එහෙත්, මගේ ජීවිතය ඉතිරි විණැ” යි කියමින් ඒ ස්ථානයට පෙනීයෙල් යැයි නම් තැබී ය. ඔහු පෙනූවෙල් පසු කර යද්දී හිරු උදා විය. උකුල් ඇටයේ අමාරුව නිසා ඔහු ගමන් ගත්තේ කොර ගසමිනි.
උත්පත්ති 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 32:27-31
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ