උත්පත්ති 32:27-31
උත්පත්ති 32:27-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ?” යි ඇසී ය. “යාකොබ්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ඔහු කතා කරමින්, “මින් මතු ඔබේ නම යාකොබ් නො වේ, ඉශ්‍රායෙල් ය. මන්ද දෙවියන්වහන්සේ සමඟත්, මිනිසුන් සමඟත් ඔබ පොර බදා ජය ගෙන ඇතැ” යි කීවේ ය. යාකොබ් ඔහු අමතමින්, “අනේ මට ඔබේ නම කියන්නැ” යි ඉල්ලී ය. එහෙත්, “ඔබ මගේ නම විචාරන්නේ මන්දැ?” යි පැවසූ ඔහු, ඉන්පසු එහිදී යාකොබ්ට ආශිර්වාද කළේ ය. එබැවින් යාකොබ්, “මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටුවෙමි. එහෙත්, මගේ ජීවිතය ඉතිරි විණැ” යි කියමින් ඒ ස්ථානයට පෙනීයෙල් යැයි නම් තැබී ය. ඔහු පෙනූවෙල් පසු කර යද්දී හිරු උදා විය. උකුල් ඇටයේ අමාරුව නිසා ඔහු ගමන් ගත්තේ කොර ගසමිනි.
උත්පත්ති 32:27-31 Sinhala Revised Old Version (SROV)
නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක. යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක. යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය. ඔහු පෙනූයේල් පසුකර යන කල්හි ඉර උදාවිය, ඔහු තමාගේ කළවයේ රිදුම නිසා කොරගසමින් ගියේය.
උත්පත්ති 32:27-31 Sinhala New Revised Version (NRSV)
එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්, “මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය. ජාකොබ් කතා කොට, “කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, “ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය. “මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණ ලා දුටු පසුත් මාගේ ජීවිතය තවමත් ආරක්ෂා වී ඇත” කියා ජාකොබ් එම ස්ථානයට පෙනුයෙල් යයි නම තැබී ය. ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.
උත්පත්ති 32:27-31 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්, “මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය. ජාකොබ් කතා කොට, “කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, “ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය. “මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණ ලා දුටු පසුත් මාගේ ජීවිතය තවමත් ආරක්ෂා වී ඇත” කියා ජාකොබ් එම ස්ථානයට පෙනුයෙල් යයි නම තැබී ය. ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.
උත්පත්ති 32:27-31 New International Version (NIV)
The man asked him, “What is your name?” “Jacob,” he answered. Then the man said, “Your name will no longer be Jacob, but Israel, because you have struggled with God and with humans and have overcome.” Jacob said, “Please tell me your name.” But he replied, “Why do you ask my name?” Then he blessed him there. So Jacob called the place Peniel, saying, “It is because I saw God face to face, and yet my life was spared.” The sun rose above him as he passed Peniel, and he was limping because of his hip.