උත්පත්ති 22:14-19

උත්පත්ති 22:14-19 SCV

එබැවින් ආබ්‍රහම් එම ස්ථානයට යෙහෝවා-යීරේ යන නම තැබුවේ ය. “ස්වාමින්වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලැබේ” යන කියමන අද දවස දක්වා ව්‍යවහාර වේ. ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම් අමතමින්, “ඔබ මෙසේ කළ නිසාත්, ඔබේ පුතු, ඔබේ එක ම පුතු පූජා කිරීමට ඔබ නො පැකිළුණු නිසාත්, මම මගේ ම නාමයෙන් ඔබට මෙසේ දිවුරමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු ද මුහුදු වෙරළේ වැලි ද මෙන් අසංඛ්‍ය වන්නට සලස්සමි. ඔබෙන් පැවතෙන්නෝ ඔවුන්ගේ සතුරන්ගේ දොරටු අත්පත් කර ගන්නෝ ය. ඔබ මට කීකරු වූ නිසා, මිහි පිට සියලු ජාතීන් ඔබේ වංශය තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය. ඉන්පසු ආබ්‍රහම් තම සේවකයින් වෙත ආපසු ආයේ ය. ඔවුහු එක් ව බෙයර්ෂෙබා වෙත පිටත් වූහ. ආබ්‍රහම්, බෙයර්ෂෙබාහි විසී ය.