උත්පත්ති 22:11-13
උත්පත්ති 22:11-13 SCV
එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්‍රහම්! ආබ්‍රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය. එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය. එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය. ආබ්‍රහම් ඇස් ඔසවා අවට බැලී ය. එවිට මෙන්න! අකුලක අං පැටලී සිටි බැටළුවෙක්! එතැනට ගොස්, ඌ අල්ලා ගත් ආබ්‍රහම්, තම පුත් ඊසාක් වෙනුවට දවන යාග පූජාවක් කොට ඌ ඔප්පු කළේ ය.

