උත්පත්ති 22:11-13
උත්පත්ති 22:11-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්රහම්! ආබ්රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය. එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය. එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්රයා, ඔබේ එක ම පුත්රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය. ආබ්රහම් ඇස් ඔසවා අවට බැලී ය. එවිට මෙන්න! අකුලක අං පැටලී සිටි බැටළුවෙක්! එතැනට ගොස්, ඌ අල්ලා ගත් ආබ්රහම්, තම පුත් ඊසාක් වෙනුවට දවන යාග පූජාවක් කොට ඌ ඔප්පු කළේ ය.
උත්පත්ති 22:11-13 Sinhala Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේ ගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්රහම්, ආබ්රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය. දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්රයා, නුඹේ එකම පුත්රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය. ආබ්රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.
උත්පත්ති 22:11-13 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්රහම්, ආබ්රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය. එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්රයා, ඔබේ එක ම පුත්රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය. එවිට ආබ්රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
උත්පත්ති 22:11-13 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්රහම්, ආබ්රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය. එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්රයා, ඔබේ එක ම පුත්රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය. එවිට ආබ්රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
උත්පත්ති 22:11-13 New International Version (NIV)
But the angel of the LORD called out to him from heaven, “Abraham! Abraham!” “Here I am,” he replied. “Do not lay a hand on the boy,” he said. “Do not do anything to him. Now I know that you fear God, because you have not withheld from me your son, your only son.” Abraham looked up and there in a thicket he saw a ram caught by its horns. He went over and took the ram and sacrificed it as a burnt offering instead of his son.