එකල්හි අබිමෙලෙක් ද ඔහුගේ හමුදාපති පීකොල් ද ආබ්‍රහම් අමතමින්, “ඔබ කරන හැම දෙයකදී ම දෙවියන්වහන්සේ ඔබ සමඟයි. එබැවින් මටත්, මගේ දරුවන්ටත්, මගෙන් පැවතෙන්නන්ටත් වංචා සහගත ව කටයුතු නො කරන බවට හා මා ඔබට දැක් වූ ලෙස මටත්, දැන් ඔබ විදේශී ව සිටින මේ දේශයටත් කරුණාව දක්වන බවට දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් දිවුරන්නැ” යි කීවේ ය. “මම එසේ දිවුරමි” යි ආබ්‍රහම් කීවේ ය. ඉන්පසු ආබ්‍රහම්, අබිමෙලෙක්ගේ සේවකයින් විසින් බලෙන් අල්ලා ගන්නා ලද ජල-ළිඳක් ගැන අබිමෙලෙක්ට පැමිණිලි කළේ ය. අබිමෙලෙක් පිළිතුරු දෙමින්, “කවුරුන් මෙය කළාදැයි මා දන්නේ නෑ; ඔබ මට කීවේත් නෑ; අද දවස දක්වා මට එය අසන්නට ලැබුණේත් නෑ” යි කීවේ ය. එවිට ආබ්‍රහම් බැටළුවන් ද ගවයින් ද ගෙනවුත්, අබිමෙලෙක්ට දුන්නේ ය. එලෙස ඒ මිනිසුන් දෙදෙන ගිවිසුමකට එළැඹුණහ. ආබ්‍රහම් ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු රැළෙන් වෙන් කළේ ය. එවිට අබිමෙලෙක්, “මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු වෙන් කිරීමේ තේරුම කුමක් දැ?” යි ආබ්‍රහම්ගෙන් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මේ ළිඳ මා විසින් හාරන ලද්දක් බවට සාක්ෂියක් වශයෙන් මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙන මගේ අතින් බාරගන්නැ” යි ඉල්ලී ය. ඔවුන් දෙදෙනා එහිදී දිවුරුමක් ශපථ කළ නිසා, ඒ ස්ථානය බෙයර්ෂෙබා නමින් හැඳින්විණ.
උත්පත්ති 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 21:22-31
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ