උත්පත්ති 15:6-8
උත්පත්ති 15:6-8 SCV
ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක. උන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මේ දේශය ඔබ විසින් හිමි කර ගන්නා පිණිස, එය ඔබට දෙන්නට, කල්දිවරුන්ගේ ඌර් නුවරින් ඔබ පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. එහෙත් ආබ්‍රම්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා එය හිමි කර ගන්නා වග මට දැනගත හැක්කේ කෙසේ දැ?” යි ඇසී ය.


