එහෙත් කල් පිරුණු කල, ව්‍යවස්ථාව යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ, අප, පුත්‍රකම ලබන පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නවුන් මුදා ගැනීමට ය. ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක. එබැවින් තවදුරටත් ඔබ දාසයකු නො වේ; පුත්‍රයෙක් ම ය. පුත්‍රයකු නම්, දෙවියන්වහන්සේගේ ක්‍රියාවෙන් උරුමකරුවෙකි. ඉහත, දෙවියන්වහන්සේ නෑඳින සිටි කල, ස්වභාවයෙන් දෙවිවරුන් නො වන්නවුන්ට ඔබ වහල් ව සිටියහ. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේ හැඳින සිටියදීත්, ඊටත් වඩා දෙවියන්වහන්සේ විසින් ඔබ හැඳින ගනු ලැබ සිටියදීත් ඒ දුබල, නො වටිනා ලෝක ධර්මතා වෙත ආපසු හැරී යන්නේ කෙසේ ද? යළි ඒවායේ වහලුන් වීමට ඔබට ඕනෑ ද?
ගලාති 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගලාති 4:4-9
10 දින
නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ