ගලාති 4:4-9
ගලාති 4:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් කල් පිරුණු කල, ව්‍යවස්ථාව යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ, අප, පුත්‍රකම ලබන පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නවුන් මුදා ගැනීමට ය. ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක. එබැවින් තවදුරටත් ඔබ දාසයකු නො වේ; පුත්‍රයෙක් ම ය. පුත්‍රයකු නම්, දෙවියන්වහන්සේගේ ක්‍රියාවෙන් උරුමකරුවෙකි. ඉහත, දෙවියන්වහන්සේ නෑඳින සිටි කල, ස්වභාවයෙන් දෙවිවරුන් නො වන්නවුන්ට ඔබ වහල් ව සිටියහ. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේ හැඳින සිටියදීත්, ඊටත් වඩා දෙවියන්වහන්සේ විසින් ඔබ හැඳින ගනු ලැබ සිටියදීත් ඒ දුබල, නො වටිනා ලෝක ධර්මතා වෙත ආපසු හැරී යන්නේ කෙසේ ද? යළි ඒවායේ වහලුන් වීමට ඔබට ඕනෑ ද?
ගලාති 4:4-9 Sinhala Revised Old Version (SROV)
නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක. මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය; පුත්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරණකොටගෙන උරුමක්කාරයෙක්ය. එසේවී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය. නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?
ගලාති 4:4-9 Sinhala New Revised Version (NRSV)
එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය. තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, “අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක. මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි. එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය. එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබිය දී, නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබිය දී, ඔබ ඒ දුර්වල, නිෂ්ඵල දෙවිදේවතාවුන්ට වහල්වීමේ ආශාවෙන්, නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේ ද?
ගලාති 4:4-9 Sinhala New Revised Version 2018 (SNRV)

ගලාති 4:4-9 New International Version (NIV)
But when the set time had fully come, God sent his Son, born of a woman, born under the law, to redeem those under the law, that we might receive adoption to sonship. Because you are his sons, God sent the Spirit of his Son into our hearts, the Spirit who calls out, “ Abba, Father.” So you are no longer a slave, but God’s child; and since you are his child, God has made you also an heir. Formerly, when you did not know God, you were slaves to those who by nature are not gods. But now that you know God—or rather are known by God—how is it that you are turning back to those weak and miserable forces? Do you wish to be enslaved by them all over again?