ගලාති 1:1-10

ගලාති 1:1-10 SCV

මිනිසුන් වෙතින් හෝ මිනිසකු මගින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා මා සමඟ සිටින සියලු සහෝදරයින් වෙතින්, ගලාතියේ සභා වෙතයි: අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ වෙතින් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා! උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන් ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්‍රාය පරිද්දෙනි. උන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්. ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළ ඔබ කැඳවා ගත් තැනැන්වහන්සේ මෙතරම් ඉක්මනින් අත්හැර, ඔබ අමුතු ශුභාරංචියක් වෙත හැරී යෑම මට මහ පුදුමයක්. එය වෙනත් ශුභාරංචියක් නො වේ. ඇතමුන්ට ඕනෑව ඇත්තේ, ඔබ අවුලට පත් කර, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විකෘති කිරීමයි. එහෙත් අප ඔබට දේශනා කළ එක හැර, වෙන අන් ශුභාරංචියක් අප හෝ ස්වර්ගයෙන් දේව දූතයකු හෝ ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක් වේවා! කලින් අප කී පරිදි, දැන් මම යළිත් කියමි; ඔබ පිළිගෙන ඇති එක හැර වෙන ශුභාරංචියක් යමකු ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක් ම වේවා! මා දිනා ගන්නට වැර දරන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය ද? දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද? මා වෙහෙසෙන්නේ මිනිසුන් සතුටු කරන්නට ද? මා තවමත් මිනිසුන් සතුටු කරන්නෙක් නම්, මා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු වන්නේ නැත.

මෙයට අදාළ වීඩියෝ

ගලාති 1:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය