එස්රා 6:15-18
එස්රා 6:15-18 SCV
දාරෙයාවෙෂ් රජුගේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දා ගෘහය සාදා සම්පූර්ණ කෙරිණි. ඉන්පසු පූජකයින්, ලෙවීවරුන් හා පිටුවහල් ව සිට ආපසු පැමිණි සෙස්සන් යන ඉශ්‍රායෙල් ජනයා, දෙවියන්වහන්සේගේ ගෘහය කැප කිරීම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව පැවැත් වූහ. දෙවියන්වහන්සේගේ මේ ගෘහය කැප කිරීම සඳහා ඔවුහු ගවයින් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද මුළු ඉශ්‍රායෙල් උදෙසා පාප පූජාවක් සඳහා ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණන අනුව එළුවන් දොළොස් දෙනකු ද ඔප්පු කළහ. තවද මෝසෙස්ගේ පොතේ ලියා ඇති පරිදි ඔවුහු යෙරුසලමේ දෙවියන්වහන්සේගේ සේවය සඳහා පූජකයින් ඔවුන්ගේ පන්ති අනුව ද ලෙවීවරුන් ඔවුන්ගේ කණ්ඩායම් අනුව ද තෝරා පත් කළහ.

