එසකියෙල් 45:7-12
එසකියෙල් 45:7-12 SCV
“ ‘ශුද්ධ පෙදෙසට හා පුරවර භුක්තියේ කොටසට මායිම් වූ දෙපසෙහි බිම් කොටසක් අධිපතියා සඳහා වන්නේ ය. එය බටහිර පැත්තෙන් බටහිර දෙසටත්, නැගෙනහිර පැත්තෙන් නැගෙනහිර දෙසටත් ගෝත්‍ර වංශික උරුම කොටසකට සමාන්තර ව බටහිර හා නැගෙනහිර සීමා දක්වා විහිද යේ. මෙම බිම් කොටස ඉශ්‍රායෙලය තුළ ඔහුගේ උරුම කොටස වන්නේ ය. මගේ අධිපතීන් තවදුරටත් මගේ ජනයාට පීඩා නො කරනවාත් හැර, ඉශ්‍රායෙල් වංශික ගෝත්‍ර ප්‍රකාරයට දේශය උරුම කර ගන්නට අවකාශ දෙනු ඇත. “ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඇති! ඇති! එම්බා ඉශ්‍රායෙල් අධිපතියනි, නුඹලාගේ සැහැසිකම් හා හිංසා නවතා, යුක්තියත්, සාධාරණත්වයත් කරනු. මගේ ජනයාගෙන් ගසාකෑම් නවතනුයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබට නිවැරදි තරාදි තිබිය යුතු ය. නිවැරදි ඒෆා හා බාත් යන වශයෙන් නිවැරදි කිරුම්-මිනුම් තිබිය යුතු ය. ඒෆාවෙහි හා බාතයෙහි ප්‍රමාණය සමාන විය යුතු ය. බාතය හෝමෙර දසයෙන් කොටසකින් සමන්විත විය යුතු අතර, ඒෆාව ද හෝමෙර දසයෙන් කොටසකින් සමන්විත විය යුතු ය. ඒ දෙකට ම නියමිත ප්‍රමිති මිම්ම හෝමෙරය ය. ෂෙකෙලයට, ගේරා විස්සක් අඩංගු විය යුතු ය. ෂෙකෙල් විස්සක්, ධන-ෂෙකෙල විසිපහක් හා ධන ෂෙකෙල් පහළොවකින් මිනාවක් සෑදේ.

