එසකියෙල් 43:1-5
එසකියෙල් 43:1-5 SCV
ඉන්පසු ඒ මිනිසා නැගෙනහිරට මුහුණ ලා ඇති දොරටුව වෙත මා කැඳවාගෙන ආවේ ය. එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, නැගෙනහිරින් පැමිණෙනු මම දුටුවෙමි. උන්වහන්සේගේ කටහඬ කඩා හැලෙන ජල ඝෝෂාවක් වැන්න. මිහිතලය උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් දීප්තිමත් විය. මා දුටු මෙම දර්ශනය, පුරවරය විනාශ කිරීමට උන්වහන්සේ පැමිණි විට මා දුටු දර්ශනය හා කෙබාර් ගංගාව අසබඩදී මා දුටු දර්ශනය වැන්න. මම මුහුණ බිමට නමා, වැඳ වැටුණෙමි. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, නැගෙනහිරට මුහුණ ලූ දොරටුවෙන් ගෘහයට ඇතුළු විය. එවිට ආත්මයාණෝ මා ඔසවා, ඇතුළු මළුවට මා පැමිණ වූහ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් ගෘහය පිරී ගියේ ය.

