නික්මයාම 9:22-23

නික්මයාම 9:22-23 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු ඊජිප්තු දේශය පුරා ගල් වැසි වැටෙන පිණිස, මිනිසුන් ද සතුන් ද ඊජිප්තු දේශය මුළුල්ලේ කෙත් වත්හි වැවෙන සියලු පැළෑටි මත ගල් වැසි වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි කී සේක. මෝසෙස් තම සැරයටිය අහස දෙසට දිගු කළ කල්හි, ස්වාමින්වහන්සේ ගිගුරුම් ද ගල් වැහි ද එවූ සේක. පොළොවට ගින්දර කඩා හැලුණේ ය. මෙසේ ස්වාමින්වහන්සේ ඊජිප්තු දේශය පිටට ගල් වැසි වැස්සවූ සේක.