නික්මයාම 9:22-23
නික්මයාම 9:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු ඊජිප්තු දේශය පුරා ගල් වැසි වැටෙන පිණිස, මිනිසුන් ද සතුන් ද ඊජිප්තු දේශය මුළුල්ලේ කෙත් වත්හි වැවෙන සියලු පැළෑටි මත ගල් වැසි වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි කී සේක. මෝසෙස් තම සැරයටිය අහස දෙසට දිගු කළ කල්හි, ස්වාමින්වහන්සේ ගිගුරුම් ද ගල් වැහි ද එවූ සේක. පොළොවට ගින්දර කඩා හැලුණේ ය. මෙසේ ස්වාමින්වහන්සේ ඊජිප්තු දේශය පිටට ගල් වැසි වැස්සවූ සේක.
නික්මයාම 9:22-23 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටටත් මෘගයන් පිටටත් මුළු මිසර දේශයෙහි කෙතේ සියලු පලා ජාති පිටටත් ගල් වර්ෂාව වසින පිණිස අහස දෙසට නුඹේ අත දිගුකරන්නැයි කීසේක. මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක.
නික්මයාම 9:22-23 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක. ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.
නික්මයාම 9:22-23 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක. ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.
නික්මයාම 9:22-23 New International Version (NIV)
Then the LORD said to Moses, “Stretch out your hand toward the sky so that hail will fall all over Egypt—on people and animals and on everything growing in the fields of Egypt.” When Moses stretched out his staff toward the sky, the LORD sent thunder and hail, and lightning flashed down to the ground. So the LORD rained hail on the land of Egypt