නික්මයාම 6:2-7

නික්මයාම 6:2-7 SCV

දෙවියන්වහන්සේ මෝසෙස් අමතමින්, “මම ස්වාමින්වහන්සේ ය. මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ වශයෙන් ප්‍රකාශ වුණෙමි. එහෙත්, ස්වාමින්වහන්සේ යන මගේ නාමයෙන් ඔවුනට මා හඳුන්වා නො දුන්නෙමි. විදෙස්සන් සේ ඔවුන් විසූ කානාන් දේශය, ඔවුන්ට දෙන ලෙසට මම මගේ ගිවිසුම ද ඔවුන් සමඟ පිහිටෙවුවෙමි. එපමණක් නො ව, ඊජිප්තුවරුන් විසින් දාස භාවයේ යොදවනු ලබන ඉශ්‍රායෙල් ජනයාගේ කෙඳිරිගෑම අසා, මම මගේ ගිවිසුම සිහි කළෙමි. “එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට කියන්න: මම ස්වාමින්වහන්සේ ය. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් මම ඔබ පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ට වහල් ව සිටීමෙන් ඔබ නිදහස් කර, දිගු කළ බාහුවකින් හා විනිශ්චයේ බලගතු ක්‍රියා මගින් මම ඔබ මුදා ගන්නෙමි. මගේ ජනයා වශයෙන් ඔබ බාරගෙන, මම ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් ඔබ පිටතට ගෙන ආ ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත.

නික්මයාම 6:2-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය