නික්මයාම 6:2-7
නික්මයාම 6:2-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ මෝසෙස් අමතමින්, “මම ස්වාමින්වහන්සේ ය. මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ වශයෙන් ප්‍රකාශ වුණෙමි. එහෙත්, ස්වාමින්වහන්සේ යන මගේ නාමයෙන් ඔවුනට මා හඳුන්වා නො දුන්නෙමි. විදෙස්සන් සේ ඔවුන් විසූ කානාන් දේශය, ඔවුන්ට දෙන ලෙසට මම මගේ ගිවිසුම ද ඔවුන් සමඟ පිහිටෙවුවෙමි. එපමණක් නො ව, ඊජිප්තුවරුන් විසින් දාස භාවයේ යොදවනු ලබන ඉශ්‍රායෙල් ජනයාගේ කෙඳිරිගෑම අසා, මම මගේ ගිවිසුම සිහි කළෙමි. “එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට කියන්න: මම ස්වාමින්වහන්සේ ය. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් මම ඔබ පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ට වහල් ව සිටීමෙන් ඔබ නිදහස් කර, දිගු කළ බාහුවකින් හා විනිශ්චයේ බලගතු ක්‍රියා මගින් මම ඔබ මුදා ගන්නෙමි. මගේ ජනයා වශයෙන් ඔබ බාරගෙන, මම ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් ඔබ පිටතට ගෙන ආ ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත.
නික්මයාම 6:2-7 Sinhala Revised Old Version (SROV)
තවද දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේ ය. මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ලෙස පෙනුණෙමි, නුමුත් යෙහෝවඃ යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශනූණෙමි. ඔවුන් විදේශීව සිටියාවූ ඔවුන්ගේ පොරොත්තුව සිටීමේ රට වූ කානාන් දේශය ඔවුන්ට දෙන පිණිස ඔවුන් සමඟ මාගේ ගිවිසුමද පිහිටෙවුවෙමි. ඇරත් මිසරවරුන් විසින් වහල්කමෙහි තබාගන සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරිගෑම මම අසා මාගේ ගිවිසුම සිහිකෙළෙමි. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේ ය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි. නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය.
නික්මයාම 6:2-7 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මම සමිඳාණන් වහන්සේ ය. මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මෙන් ප්‍රකාශ වූයෙමි. එහෙත් මම, සමිඳාණන් වහන්සේ යන නාමයෙන් ඔවුන් හට ප්‍රකාශ නොවූයෙමි. මම ද ඔවුන් කලක් විදේශීන් ව විසූ කානාන් දේශය ඔවුන්ට දීමට ඔවුන් සමඟ ගිවිසුමක් පිහිටුවා ගතිමි. තවද, මිසර වාසීන් විසින් වහල් බැම්මෙන් බැඳගන්නා ලද ඉශ්රායෙල් ජනතාවගේ සුසුම්ලෑමට සවන් දී, මාගේ ගිවිසුම සිහි කෙළෙමි. එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි. තවද, මාගේ ම සෙනඟ මෙන් නුඹලා භාරගෙන, මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මිසර වාසීන්ගේ බර වැඩවලින් නුඹලා මුදන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා එවිට දැනගන්නහු ය.
නික්මයාම 6:2-7 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 6:2-7 New International Version (NIV)
God also said to Moses, “I am the LORD. I appeared to Abraham, to Isaac and to Jacob as God Almighty, but by my name the LORD I did not make myself fully known to them. I also established my covenant with them to give them the land of Canaan, where they resided as foreigners. Moreover, I have heard the groaning of the Israelites, whom the Egyptians are enslaving, and I have remembered my covenant. “Therefore, say to the Israelites: ‘I am the LORD, and I will bring you out from under the yoke of the Egyptians. I will free you from being slaves to them, and I will redeem you with an outstretched arm and with mighty acts of judgment. I will take you as my own people, and I will be your God. Then you will know that I am the LORD your God, who brought you out from under the yoke of the Egyptians.