නික්මයාම 37:1-9

නික්මයාම 37:1-9 SCV

බෙසලෙල්, අකේෂියා ලීයෙන් කරඬුව සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි; පළලින්, රියන් එකහමාරකි; උසින්, රියන් එකහමාරකි. එහි ඇතුළු පැත්ත හා පිට පැත්ත අමිශ්‍ර රනින් වැසූ ඔහු, ඒ වටා රන් ලීස්තරයක් සෑදී ය. ඊට රන් වළලු හතරක් වාත්තු කළ ඔහු, එක් පැත්තට දෙකක් ද අනෙක් පැත්තට දෙකක් ද යන වශයෙන් ඒවා එහි කකුල්වල සවි කළේ ය. ඉන්පසු අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා රනින් වැසූ ඔහු, කරඬුව ඔසවාගෙන යෑම සඳහා, එහි දෙපස වළලු තුළට එම පොලු රිංගවී ය. ඔහු අමිශ්‍ර රනින් කරුණාසනය සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි. පළලින්, රියන් එකහමාරකි. ඉන්පසු ඔහු කරුණාසනය දෙකෙළවර, තැලූ රනින් කෙරුබ්වරුන් දෙදෙනකු සෑදී ය. එක් කෙරුබ්වරයකු එක් කෙළවරක ද අනෙක් කෙරුබ් අනෙක් කෙළවරෙහි ද යන වශයෙන් කරුණාසනය හා සමඟ තනි නිර්මාණයක් වන පරිදි, එහි දෙකෙළවරේ ඔහු කෙරුබ්වරුන් සෑදී ය. කෙරුබ් පියාපත් ඉහළට විහිදී, ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය ආවරණ කර ගෙන තිබිණ. එකිනෙකාට මුහුණ ලා සිටි කෙරුබ්වරුන්ගේ මුහුණු, කරුණාසනය දෙසට යොමු වී තිබිණ.