නික්මයාම 35:20-22
නික්මයාම 35:20-22 SCV
එවිට මුළු මහත් ඉශ්‍රායෙල් ජන සමාජය මෝසෙස් ඉදිරියෙන් ඉවත් ව ගියහ. තවද, ස්ව-කැමැත්තෙන් දීමට හදෙහි පෙලඹවීමක් ඇති වූ සැවොම පැමිණ, හමුවීමේ කූඩාරමේ වැඩ සහ එහි සියලු සේවා සඳහාත්, ශුද්ධ වස්ත්‍ර සඳහාත් ස්වාමින්වහන්සේට පුද පඬුරු ගෙනාවෝ ය. ස්ව-කැමැත්තෙන් පෙලඹුණු පුරුෂ හා ස්ත්‍රී දෙපිලෙහි ම සියල්ලෝ පැමිණ, පුද පඬුරු වශයෙන් හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල යන හැම මාදිලියකම රන් අබරණ ගෙනාහ. ඔවුහු සියල්ලෝ තම තමන්ගේ රත්රන් ස්වාමින්වහන්සේට තේව කිරීමේ පූජාවක් වශයෙන් පිළිගැන් වූහ.

